බස්නාහිර පළාතේ ,කළුතර දිස්ත්‍රික්කයේ ,බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සීමාව ආවරණය වන පරිදි 2005 .12.05 දිනැති අංක 145/9 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව සීමා මායිම් ඇතිව මදුරාවල ප්‍රාදේශීය සභාව 2006.04.15 දින සංස්ථාපනය කර ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1425/9 දරණ අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව 1V (ආ)වැනි කොටසේ සඳහන් පරිදි මදුරාවල ප්‍රාදේශීය සභාව නව ප්‍රාදේශීය සභාවක් ලෙස සංස්ථාපනය සඳහා පළාත් සභා හා පළාත් පාලන විෂය භාර ගරු අමාත්‍යතුමාගේ නියමය පරිදි ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ග්‍රාම නිළධාරී වසම් 33 එහි උප ලේඛනයේ නියමය පරිදි ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ග්‍රාම නිළධාරි වසම් 33 එහි උප ලේකනයේ 1කොටස යටතේද මදුරාවල ප්‍රාදේශීය සභාවේ පරිපාලන සීමා උප ලේඛනයේ 2 වන කොටස යටතේද සඳහන් කර ඇත. සභා බල ප්‍රදේශයේ වර්ග ප්‍රමාණය වර්ග කි.මි 62.74 කි. ඒ අනුව මදුරාවල ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයකු උප සභාපතිවරයකු සහ සභිකයන් 6 දෙනෙකු පත් කළ යුතු බව විෂය භාර ගරු අමාත්‍යතුමාගේ නියමය පරිදි ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ උපකාර්යයාලයක් පැවති මදුරාවල උප කාර්යයාලය 2006 අප්‍රියෙල් 15 වන දින සිට ස්වාධීන වෙමින් අභිනව ප්‍රාදේශීය සභාවක් ලෙස ස්ථාපිත විය .