පරිසර බලපත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ
කර්මාන්ත පිහිටි ස්ථානය දක්වන මාර්ග සටහන
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිමේ සහතිකය
අදාල ප්‍රාදේශිය සභාවෙන් ලබා ගත් වෙළඳ බලපත්‍රය හෝ අනුමත කළ ගොඩනැගිලි සැලැස්මේ පිටපත් හෝ අනුකූලතා සහතිකය හෝ ව්‍යාපාර සම්බන්ධ ප්‍රාදේශිය සභාවේ විරොධතාවක් නොමැති බවට දැක්වෙන ලිපිය
ඉඩමේහි මිනින්දෝරු සැලැස්ම (පිඔුර) හා හිමිකම් ඔප්පුවේ පිටපත
භු විද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම් කාර්යන්ෂයෙන් ලබාගත් බලපත්‍රය
අපද්‍රව්‍ය පිරිපහදු පද්ධතිය/වායු දුෂණය,ශබ්දය ඇතුළු පරිසර දුෂණය වැළැක්විමේ ක්‍රියාමාර්ග පිළිබඳ සැලැස්ම
කර්මාන්ත හිමිකරුගේ ජාතික හැදුනුම්පත් පිටපත
පරිසර ආරක්ෂණ බලපත්‍රය
පරිසර බලපත්‍ර ලබා ගත හැකි කර්මාන්ත වර්ග
01.සේවක සංඛ්‍යාව 10ක් හෝ ඊට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ඉටිපන්දම් නිෂ්පාදන කර්මාන්ත
02. සේවක සංඛ්‍යාව 05 අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින බතික් කර්මාන්ත
03. සේවක සංඛ්‍යාව 05 අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණිජ මට්ටමේ රෙදි සෝදන ස්ථාන (ලොන්ඩ්‍රි)
04.රෙදි වියන යන්ත්‍ර/මැෂින් 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහිත අත් යන්ත්‍ර පෙහෙකම්මල් හෝ ගෙතිමේ හෝ එම්බෝයිඩර් කිරිමේ කර්මාන්ත
05.දිනකට ලීටර් 200කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ පොල් තෙල් නිස්සාරණ කිරිමේ කර්මාන්ත
06.පොල් තෙල් හා ආයුර්වේද තෙල් නිස්සාරණය කිරිමේ කර්මාන්ත හැර දිනකට ලීටර් 10කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ ශාක තෙල් නිස්සාරණ කිරිමේ කර්මාන්ත
07. දිනකට ලීටර් 100කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත මද්‍යසාරමය නොවන බීම වර්ග නිෂ්පාදනය කිරිමේ හෝ බෝතල්ගත කිරිමේ කර්මාන්ත
08.දිනකට ක්‍රිලෝග්‍රෑම් 500 හෝ ඊට වැඩි නිෂ්පාදන ධාරිතාවක් සහිත වියළි සැකසුම් ක්‍රියාවලිය සහිත වී මෝල්
09.මසකට ක්‍රිලෝග්‍රෑම් 1000 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත ඇඔරුම්හල්
10.සේවක සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි සහ 25 අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දුම්කොළ වියළිමේ කර්මාන්ත හෝ දුම්වැටි හෝ දුම්කොළ ආශ්රිත වෙනත් නිෂ්පාදන කර්මාන්ත
11.එක් තොගයකට ක්රලෝග්රැම් 250 හෝ ඊට වැඩි යෙදවුම් ධාරිතාවක් සහිත සල්ෆර් දුම්ගැසිම සහිත කුරුදු දුම්ගැසිමේ කර්මාන්ත
12. සේවක සංඛ්‍යාව 05 වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින අහාරයට ගන්නා ලුණු ඇසුරුම් කිරිමේ සහ සැකසුම් කිරිමේ කර්මාන්ත
13. සේවක සංඛ්‍යාව 05 වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණිජමය තේ මිශ්‍ර කිරිමේ /මුහුවම් කිරිමේ කර්මාන්ත
14. සේවක සංඛ්‍යාව 05 හෝ ඊට වැඩි සහ 10ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින අහාර නිෂ්පාදනය කිරිමේ හෝ සකස් කිරිමේ කර්මාන්ත
15. දිනකට පිටි ක්‍රිලෝග්‍රෑම් 250 කට අඩු ප්‍රමාණයකට යෙදවුම් ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ බේකරි සහ රස කැවිලි නිෂ්පාදන කර්මාන්ත
16.ඔිනෑම අවස්ථාවක වැඩුණු පක්ෂින් 100 හෝ ඊට වැඩි සහ 500ට අඩු සංඛ්‍යාවක් සිටින කුකුළු ගණයේ පක්ෂි ගොවිපළවල්
17. ඔිනෑම අවස්ථාවක වැඩුණු සතුන් 05 හෝ ඊට වැඩි සහ 10ට අඩු සංඛ්‍යාවක් සිටින ඌරු හෝ ගව ගොවිපළවල්
18. ඔිනෑම අවස්ථාවක වැඩුණු සතුන් 25 හෝ ඊට වැඩි සහ 50ට අඩු සංඛ්‍යාවක් සිටින එළු ගොවිපළවල්
19. වැඩුණු සතුන් මුළු එකතුව 100 හෝ ඊට වැඩි සහ 500ට අඩු සංඛ්‍යාවක් සිටින මිශ්‍ර ගොවිපළවල්
* මිශ්‍ර ගොවිපළවල් සඳහා අනුපාතය =පක්ෂින් සංඛ්‍යාව +(50*(ඌරන් සංඛ්‍යාව + ගවයින් සංඛ්‍යාව)+10*(එළුවන් සංඛ්‍යාව)
20.ගබඩා ධාරිතාවය ඝන මිටර් 100 ක් හෝ ඊට වැඩි පළතුරු හෝ එළවලු හෝ මාංශ හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය ගබඩා කරන ස්ථාන
21.කොන්ක්‍රිට් පෙර සවි කර්මාන්ත
22.යන්ත්‍රානුසාරයෙන් සිමෙන්ති බිලොක් ගල් නිෂ්පාදන කිරිමේ කර්මාන්ත
23. දිනකට නිෂ්පාදන ධාරිතාවය මෙට්‍රික් ටොන් 20ට අඩු ප්‍රමාණයක් සහිත හුණු පෝරණු
24.සේවක සංඛ්‍යාව 5 කට වැඩිප්රමාණයක් සේවයේ නියුක්තව සිටින ප්ලාස්ටික් ඔෆ් පැරිස් අමුද්‍රවය වශයෙන් යොදාගන්නා ඔිනෑම කර්මාන්තයක්
25.බෙලිකටු කැබලි කිරිමේ/පතුරු කිරිමේ කර්මාන්ත
26.උළු සහ ගඩොල් පෝරණු
27.වීදුරු ද්‍රව කිරිමේ ක්‍රියාවලිය රහිතව වීදුරු භාණ්ඩ නිෂ්පාදනය කිරිමේ කර්මාන්ත
28.කළු ගල් කැපිමේ හා ඔප දැමිමේ කර්මාන්ත
29.පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර එක් බෝර වලක් බැගින් පුපුරවමින් සිදු කරනු ලබන ශල්පීය කැණිම් කටයුතු
30.දිනකට ගණ මිටර් 25 ට අඩු ඉරුම් ධාරිතාවක් සහිත ලී මෝල් හෝ සේවක සංඛ්‍යාව 05 හෝ ඊට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දැව ආශ්රිත කර්මාන්ත
31.දැව පදම් කිරිම සඳහා බෝරෝන් පිපිරිම් ක්‍රමය භාවිතා කරන කර්මාන්ත
32.බහු කාර්ය වඩු කාර්මික යන්ත්‍ර භාවිතා කරන වඩු කර්මාන්ත
33. සේවක සංඛ්‍යාව 05 හෝ ඊට වැඩි සහ 10ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින නේවාසික පහසුකම් රහිතහෝටල් හෝ අවහන්හල් හෝ උත්සව ශාලා හෝ සේවක සංඛ්‍යාව 10ක් හෝ ඊට වැඩි හා 20 අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර පිළියෙල කිරිමේ ස්ථාන හෝ ආහාර සැපයිමේ සේවා
34.පදිංචි සංඛයාව දිනකට 25 ක් හෝ ඊට වැඩි සහ 100 ට අඩු පුද්ගලයන් ප්‍රමාණයක් සිටින නේවාසිකාගාර හෝ එවැනි ලැඟුම්හල්
35.විසිරි පින්තාරු කිරිමේ හෝ වාහන වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියාව කිරිමි,නඩත්තු කිරිම් හෝ සවි කිරිම් සිදු නොකරන වාහන අලුත්වැඩියා කිරිමේ හෝ නඩත්තු කිරිමේ කටයුතු සිදු කරන ගරාජ
36.වාහන සේවා සිදු නොකරන බහාලුම්(කන්ටේනර්)පර්යන්ත
37.ඊයම් උණු කිරිම ඇතුළත් නොවන මුද්‍රණාල සහ අකුරු මුද්‍රණය කිරිමේ යන්ත්‍ර
38.මෘත ශරිර කල් තබා ගැනිමට සකස් කිරිම සහිත මල් ශාලා
39.මෙම උපලේඛණයේ "ඈ"කොටසේ ඇතුළත් නොවන එක් වැඩ මුරයකට සේවක සංඛයාව 10 හෝ ඊට වැඩි සහ 50ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ඔිනැම ක්‍රියාකාරකමක්/කර්මාන්තයක්
2008.01.25 දිනැති අංක 1533/16 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබුවාවු ද,පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගත යුතුවු ද,නියම කරන ලද ක්‍රියාකාරකම් පිළිබඳ ගැසට් පත්‍රය පරිචිජින්න කරනු ලැබේ.