මෙම දොළ හා සම්බන්ධ වූ ඓතිහාසික කතා පුවතකින් යුක්ත වේ.කුමරියන් පැන්න ගල හා රෙමුණ කන්ද පාමුල පිහිටි මෙම දොළ එම කඳු මුදුන්වල සිට ගලින් ගල හැපෙමින් සුදු පෙණපිඩු නගමින් පහලට ගලා මහදිය දහර ජල පීල්ලක ආකාරයට අඳා දොළ නැමැති දිය තටාකයට ගලා බසී.මෙම දොළ තුල ඉපැරණි රජ දවස කඩුකන් පැළදි ආඳෙකු සිටි බවක් සඳහන් වේ.රෙමුණ අඳා දොළින් හා රයිගම් පතහවත්ත පොකුණ තුලින් හමු වී ඇති ආඳා දෙදෙනෙකු නොවන බවත් එකෙකු වන බවත් අනාවරණය වී ඇත.ආඳා දොළේ සිට පතහවත්ත පොකුණ දක්වා පොළව යටින් ජල උමං මාර්ගයක් ද තිබී ඇත.මෙහි දිය ඇල්ල වැටෙන ස්ථානයේ පතුලේ ගල්තලාවක් මත පහනක ආකාරයට කැටයමක් කොටා ඇත.එමෙන්ම අධික වැසි සහිත දින වලදි විශාල දිය ඇල්ලක් නිර්මාණය වී දොළේ ඉතා කුඩා ගල් එම ජල පහරට හසුව ඉවත් වූ අවස්ථාවකදී ගල් තලාව මතුවන අතර දියයට කිමිදී පහන දැක ගැනීමට අවස්ථාව උදා වේ.දොළ අසලින් වැටී ඇති ගමන් මග තුලින් කුමරි පැන්න ගල තිබෙන ස්ථානයට ලගා විය හැකිය.එදා බලකොටුවක්ව පැවති කුමරියන් පැන්න ගල හා ආඳා දොළ අතර උමඟක් පැවතී ඇත.කැටයම් සහිත පහන මෙම කතා පුවතට විශේෂත්වයක් එක් කරනුයේ එය පතුලේ පිහිටා ඇති බැවිනි.ඵෙතිහාසික වශයෙන් විශේෂිත වැඳගත් කමක් මෙයින් පිළිබඹු වේ.
පාරිසරික සුව්ශේෂීකම් රැසක් ඇති මෙම ආඳා දොළ නැරඹීමට මෙන්ම දිය නෑමට ද බොහෝ පිරිස් පැමිණේ.බාල මහළු සියලු නොටම මෙහි දිය නෑමට හැකියාව ඇත.ස්වාභාවික නොගැඹුරු දියකඳක් වූ මෙහි වැසි සහිත දිනයන්හි අලංකාර දියකඳක් දැකගත හැකිය.ගස් වැල් සහිත සුවදායී පරිසරයක මෙය පිහිටා ඇත.මේ අනුව පාරිසරික වශයෙන්ද වටිනා කම් ඇති දොළක් වේ.
ඵෙතිහාසික හා පාරිසරික වැඳගත් කමින් යුතු මෙම ආඳා දොළ ජනතා ආකර්ෂණයට ලක් වූ ස්ථානයකි.