බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රිකයේ ,මදුරාවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ,බුලත්සිංහල මැතිවරණ කොට්ඨාශයේ, මදුරාවල ප්‍රාදේශිය සභාව වර්ග කි.මි.62.74 ක වර්ග ප්‍රමාණයකින් සමන්විතය.2020 වර්ෂයේ ජන සංඛ්‍යාව 38688 වන අතර,මෙම බල ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම් 33 කින් යුක්තය. පෞරාණික ඉතිහාසයකට උරුමකම් හිමිකර ගෙන ඇති,ඵෙතිහාසික ගල්ලේන රජමහා විහාරය පුද බිම,ගණේඋඩ විහාරය,රෙමුණ කුමරුන් පැන්නගල ,ආඳාදොළ,බැලුම්ගල,වස්තුගල,කොඩිගල,හා තවත් ඵෙතිහාසික ස්ථාන කිහිපයකට උරුමකම් කියන මෙම බල ප්‍රදේශය සුවිශේෂි වේ.
එවන් වු බල ප්‍රදේශයක පිහිටා ඇති මදුරාවල ප්‍රාදේශිය සභාව ආදායම් වියදම් සමබරතාවයක පවත්වා ගනිමින් ප්‍රදේශවාසී ජනතාවගේ උපතේ සිට මරණය දක්වා අවශ්‍යතාවන් ඉටුවන පරිදි නිරතුරු ජනතාවට සතුටුදායක මෙහෙවරක් ඉටුකරනු ලබන සභාවක් බවට බල ප්‍රදේශයෙහි සුවිශේෂි නාමයක් හිමිකරගෙන ඇත.
එසේම සභාව සතුව පවතින ආදායම් උත්පාදන මාර්ග රාශියකි.ඒ් අතර බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් සිදුකරනු ලබන අම්පිටිගල ග්‍රාමයේ පිහිටා ඇති කසල කළමනාකරණ මධ්‍යස්ථානය හදුනා ගත හැක.බල ප්‍රදේශය තුළ ජනනය වන කසල සතියේ දින කාලසටහනකට අනුකූලව වර්ගීකරණයකට අනුව එකතු කරනු ලබයි.මනරම් පරිසරයක්,නීරෝගීමත් ජනතාවක්,ගොඩනැගිමේහිලා අපමණ වු සේවයක් සිදු කරනු ලබන නිබඳ සේවයට කැප වු සේවක මහතුන් දෛනික රාජකාරි කටයුතු ඵලදායි අයුරින් සිදු කරනු ලබයි.එහිදි බල ප්‍රදේශයේ ජනනය වන කසල මඟින්,ගුණාත්මකභාවයෙන් යුත් කොම්පෝස්ට් නිෂ්පාදනය මඟින් ආදායම් උත්පාදනය මෙන්ම බල ප්‍රදේශයේ වගා කටයුතු වල නියැලි සිටින ජනතාව උදෙසා සහනදායී මිලකට පොහොර ලබ ගැනිමට හැකියාව ලැබි ඇත.ඒ් අනුව බල ප්‍රදේශයට සුවිශාල වු සේවාවක් සපයනු ලබන මෙම ස්ථානය ඉතා වැදගත් වේ.
Ø කොම්පෝස්ට් (1Kg) මිළ රු.15.00
කසල එකතු කරනු ලබන කාලසටහන
කසල මධ්‍යස්ථානයෙහි සේවකයන් 12 දෙනෙකු සේවය කරනු ලබයි.
කසල මධ්‍යස්ථානය මඟින් එකතු නොකරනු ලබන ද්‍රව්‍ය
පෝසිලේන් කටු
වර්ණ විදුරු කැබලි
ටයිල් කෑලි
ටයර්
ඉලෙක්ට්‍රොනික අපද්‍රවය
සනීපාරක්ෂක ද්‍රවය (සනීපාරක්ෂක තුවා,පැම්පස් )