කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ කෙසෙල්හේනාව ගමේ පිහිටා ඇති රජ මහා විහාරය පරාක්‍රමබාහු රජ සමයට දිවෙන ඉතිහාසයකින් යුතු ප්‍රදේශයට ගෞරවයක් වූ තැනකි.
මහාවංශ පාඨයන්හි හා පැකුම් රජුගේ පැපිලියාන සන්නයෙහිද සඳහන්ව ඇති කෙසෙල් හේනා ග්‍රාමය පිළිබද කරුණු අනූව 15 වන සියවස වන විට මේ විහාරය පැපිලියානේ සුනේත්රාදේවී පිරිවෙනට අනුබද්ධව පැවති බවට අනුමාන කළ හැකිය.
මෙම විහාරය මොණරැස්ගල නමින්ද හඳුන්වන මනනරම් කඳු මුදුනක පිහිටා ඇති අතර අඩි 4 ½ හා අඩි 4ක් පළල ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් ලෙන තුල හමුව ඇත.එහි අමුද්‍රව්‍ය මේ ප්‍රදේශවල ඒවා නොවන අතර අනුරාධපුර පොළොන්නරු පෙදෙසින් ප්‍රතිමාව මෙහි වඩමවා ඇති බව පෙනේ.
රුවන්වැලි සෑ මළුවේ දැකිය හැකි රජ රුව,සිංහ පූට්ටු,පලාපෙති මෝස්ත හා ගිරා රූපද මෙහි ඉපැරණි ඉතිහාසයක තතු ප්‍රකට කරයි.ශේෂ වූ දාගැබ් කොටස්,මුරගල්,පාදම් ගල් ආදී විහාරය පුරා පවතින නටබුන් පෙල මෙහි අතීත ශ්‍රී විභූතිය නිහඩව කියාපායි.විහාරස්ථානය සංවර්ධනය කළ ශ්‍රීපාදස්ථානය භාරව වැඩ විසූ කොස් ගොඩ ධම්මක්ඛන්ද හිමි ගෙන ආවා යැයි සැලකෙන වටිනා පැරණි තඹ පාත්‍රයක්ද මෙහි වේ.
ජනප්‍රවාද වල එන ලෙන තුල වූ ප්‍රතිමාවකට හානි කිරීමෙන් විපතට පත් පිරිසකගේ පුවතක් නිසා මේ විහාරය හාස්කම් පවතින ස්ථානයක් බව ගම්මුන්ගේ විශ්වාසයයිවිහාරයේ ඇති කිසිදා නොසිදෙන පොකුණ ඓතිහාසික වටිනාකමක් එක් කරන අතර හාස්කම් සහිත දේවාලය අසල ඇති ගනේකන්ද විහාරයට සම්බන්ධ බවටද මතයක් පවතී.වර්ථමාන විහාරාධිපති වහන්සේ යගිරල සරණ තිස්ස හිමිය.