රෙමුණ ගම්මානයේ සුවිශේෂී ස්ථානයක් ලෙස ඵෙතිහාසික කුමරියන් පැන්න ගල හඳුන්වා දිය හැකිවේ.ආඳා දොළ අසලින් වැටී ඇති මඟ ඉහලටම ගමන් ගන්නා විට මෙම කුමරියන් පැන්න ගල හමු වේ.රයිගම්පුර පාලකයා වූයේ විජය නම් ආදිපාදවරයෙකි.විජය ආදිපාදවරයා නුදුරු ප්‍රදේශයකට යුද්ධයකට යෑම තුලින් මෙම කථාවේ ආරම්භය ඇති විය.
තමන්ගේ බිසව හා කුමරිය ගල් පර්වතයකට නංවා එහි සිට තමන් යුද්ධ කරන අයුරු නරඹා එයින් තමන් ජයග්‍රහණය කළහොත් සුදු කොඩියක් ද පරාජයට පත්වුවහොත් කළු කොඩියක් ද ඔසවන බව පැවසීය.ආදිපාදවරයා යුදුධයෙන් ජයග්‍රහණය කළේය.නමුත් ඔහු බිසවගේ සිත බැලීමට විහිළුවක් කළේය.ඒ එහි ඇති කළු කොඩිය එසවීමෙනි.කුමාරයා යුද්ධයෙන් පරාජයට පත් වුයේ යැයි ශෝකයෙන් සිතූ බිසව තම ළදරු කුමරියත් සමඟ ගල මුදුනින් පැන ඇත.එදා සිට මෙය කුමරියන් පැන්න ගල ලෙස ජන සම්මත විය.ගලේම කොටා සකස් කර තිබෙන පොකුණ නියඟ කාලයේදී පවා සිඳී නොයයි.කුස්තූර දෙකක් අතරින් රූරා වැටෙන ජලය එක්රැස්වන අන්දමට නිර්මාණය කර තිබීම මෙහි විශේෂත්වයකි. මෙම ගල් පර්වතය එකල රජවරුන්ගේ ප්‍රධාන බලකොටුවකි.මෙම ඵෙතිහාසික පුවත ගැන මහාවංශයේ පවා සඳහන්ව ඇත.
මෙම ගල් පර්වතය මුහුදු මට්ටමේ සිට අඩි සිය ගණනක් උස්ව පිහිටා ඇත.අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක මෙම ගල්තලාව පැතිරී ඇත.බලකොටුවක් නිර්මාණය කිරීමේදී භූ විෂමතා ලක්ෂණ කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කෙරේ.එමෙන්ම බලකොටුවකට අවශ්‍ය ආරක්ෂාව සඳහා තිබිය යුතු ගිරි දුර්ග,ජලදුර්ග,වන දුර්ග යන සාධක මෙහි ඇති බව පැහිඳිලි කරුණකි.වර්තමානය වනවිට පෙනෙන්නට තිබෙන මෙම වෙල්යාය ද එවකට මෙම බලකොටුව වටා ආරක්ෂාව සඳහා තිබූ දිය අඟල වන්නට ඇතැයි අනුමාන කෙර්.ගලවටා ඇත්තේ සුන්දර පරිසරයකි.ගස් වැල් සහිත සිහිල් වූ භූමි භාගයක පිහිටා ඇති මෙය පාරිසරික වශයෙන් ද දැකුම්කලු පරිසරයකි.
ඵෙතිහාසික පාරිසරික වැඳගත් කමකින් යුතු මෙම කුමරියන් පැන්න ගල ගස් වැල් වලින් අනූන වේ.එබැවින් මෙය රෙමුණ ග්‍රාමයට එක් කරනුයේ සුවිශේෂත්වයකි.