රෙමුණ ආයුර්වේද මධ්‍යස්ථානය
රෙමුණ ආයුර්වේද මධ්‍යස්ථානය
බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රිකයේ ,මදුරාවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ,බුලත්සිංහල මැතිවරණ කොට්ඨාශයේ, මදුරාවල ප්‍රාදේශිය සභාව වර්ග කි.මි.62.74 ක වර්ග ප්‍රමාණයකින් සමන්විතය.2020 වර්ෂයේ ජන සංඛ්‍යාව 38688 වන අතර,මෙම බල ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම් 33 කින් යුක්තය. පෞරාණික ඉතිහාසයකට උරුමකම් හිමිකර ගෙන ඇති,ඵෙතිහාසික ගල්ලේන රජමහා විහාරය පුද බිම,ගණේඋඩ විහාරය,රෙමුණ කුමරුන් පැන්නගල ,ආඳාදොළ,බැලුම්ගල,වස්තුගල,කොඩිගල,හා තවත් ඵෙතිහාසික ස්ථාන කිහිපයකට උරුමකම් කියන මෙම බල ප්‍රදේශය සුවිශේෂි වේ.
එවන් වු බල ප්‍රදේශයක පිහිටා ඇති මදුරාවල ප්‍රාදේශිය සභාව ආදායම් වියදම් සමබරතාවයක පවත්වා ගනිමින් ප්‍රදේශවාසී ජනතාවගේ උපතේ සිට මරණය දක්වා අවශ්‍යතාවන් ඉටුවන පරිදි නිරතුරු ජනතාවට සතුටුදායක මෙහෙවරක් ඉටුකරනු ලබන සභාවක් බවට බල ප්‍රදේශයෙහි සුවිශේෂි නාමයක් හිමිකරගෙන ඇත.
.ඒ් අතර බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් සිදුකරනු ලබන රෙමුණ ප්‍රදේශයේ පිහිටා ඇති රෙමුණ ආයුර්වේද මධ්‍යස්ථානය බල ප්‍රදේශයෙහි ළදරු,ළමා තරුණ,වැඩිහිටි,හෝ මහලු සියලු දෙනා හට මුහුණ පෑමට සිදුවන රෝගීතත්වයන්හිදි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම උදෙසා නිබඳව ඇපකැප වී සිටින මධ්‍යස්ථානයකි. රෙමුණ ආයුර්වේද මධ්‍යස්ථානය පමණක් නොව නාර්තුපාන බහුකාර්ය මධ්‍යස්ථානය කෙන්ද්‍රකර ගනිමින්ද ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සුවිශාල සේවාවක් සපයන ලබයි.
නීරෝගීමත් ජනතාවක්,ගොඩනැගිමේහිලා අපමණ වු සේවයක් සිදු කරනු ලබන නිබඳ සේවයට කැප වු ආයුර්වේද වෛද්‍යතුමිය හා සේවක මහත්ම මහත්මින් දෛනික රාජකාරි කටයුතු ඵලදායි අයුරින් සිදු කරනු ලබයි. ඒ් අනුව බල ප්‍රදේශයට සුවිශාල වු සේවාවක් සපයනු ලබන මෙම ස්ථානය ඉතා වැදගත් වේ.
ප්‍රතිකාර කරනු ලබන වේලාවන් හා ස්ථාන