රන් කරල් පැසී නැමී - රන් කිරෙන් උදාර වී
ඇළ දොළෙන් ගං තෙරෙන් විරාජ වූ දේශයයි..
රයිගම් පුර රජ පුතුන් - රොද බැඳන් අභිමනින්
පස් දුන් රට විරු තෙදින් - සරු කෙතින් - හරසරින්
ගොඩ නැගූ පුරවරයි - ගම තැනූ සඳ ඔබයි ... //
ගමේකමට හැම හුරු කෙරෙනා - පිරිපුන් ගමකට මං සදනා
සිත් අමසාරථ ලලිතකලා - පීඩා සුව සම්පත සදනා
නිති අණ පනතට හුරු කරනා - අප ඒක මවකගෙ දරුවො සිතා
දලින් දැලින් බැඳි පවුරු තනා - මදුරාවල මිණි පහන වුණා..
රන් කරල් පැසී නැමී...…
අඳුරේ ගිලිහුණු ගම්මානේ - සඳ මඬගකි පුර ඒළිය ගෙනා..
අටු කොටු බත බුලතින් සරු වී - යහ මග ගුණ දම් නිති වඩනා
හෙට උපදින මේ කිරි කැටියා - මහලු ව මිය ඇදෙනා ම තුරා
සේවය ඉටු වන යුතුකම අගයන - යහපත් වුව නුඹ ගමට සදා...