බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රිකයේ ,මදුරාවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ,බුලත්සිංහල මැතිවරණ කොට්ඨාශයේ, මදුරාවල ප්‍රාදේශිය සභාව වර්ග කි.මි.62.74 ක වර්ග ප්‍රමාණයකින් සමන්විතය.2020 වර්ෂයේ ජන සංඛ්‍යාව 38688 වන අතර,මෙම බල ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම් 33 කින් යුක්තය. පෞරාණික ඉතිහාසයකට උරුමකම් හිමිකර ගෙන ඇති,ඵෙතිහාසික ගල්ලේන රජමහා විහාරය පුද බිම,ගණේඋඩ විහාරය,රෙමුණ කුමරුන් පැන්නගල ,ආඳාදොළ,බැලුම්ගල,වස්තුගල,කොඩිගල,හා තවත් ඵෙතිහාසික ස්ථාන කිහිපයකට උරුමකම් කියන මෙම බල ප්‍රදේශය සුවිශේෂි වේ.
එවන් වු බල ප්‍රදේශයක පිහිටා ඇති මදුරාවල ප්‍රාදේශිය සභාව ආදායම් වියදම් සමබරතාවයක පවත්වා ගනිමින් ප්‍රදේශවාසී ජනතාවගේ උපතේ සිට මරණය දක්වා අවශ්‍යතාවන් ඉටුවන පරිදි නිරතුරු ජනතාවට සතුටුදායක මෙහෙවරක් ඉටුකරනු ලබන සභාවක් බවට බල ප්‍රදේශයෙහි සුවිශේෂි නාමයක් හිමිකරගෙන ඇත.
ඒ් අතර බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සයනදායී මුදලකට අපමණ සේවයක් සිදු කරනු ලබන වරකාගොඩ ආදාහනාගාරයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.එහිදි ,ළදරු,ළමා තරුණ,වැඩිහිටි,හෝ මහලු යැයි වර්ග කළ නොහැකිව සියලු දෙනා හට මුහුණ පෑමට සිදුවන මරණයේදි එම කාර්ය සිදු කිරිම සඳහා දායකත්වයක් සපයන ලබයි.
ඒ අතර පොදු උපයෝගීතා සේවාවන් අතර මෘතදේහ මිහිදන් කිරිම හා ආදාහන කිරිමට මෙන්ම අවශ්‍ය පහසුකම් සැපයිමට පළාත් පාලන ආයතන වෙත නෛතික අධිකාරි බලය පැවරි ඇති සුවිශේෂි කාර්ය භාර්යකි.එනම් සුසානභුමි හා මිනීපිටි ආඥා පනතේ 3 වන වගන්තියේ කාර්යය සඳහා සෑම ප්‍රාදේශිය සභාවක්ම,ඒ ප්‍රාදේශිය සභාවේ සීමා ඇතුළත එමආඥාපනත යටතේ නිසි බලධාරියා විය යුතුය.ඒ් අනුව බල ප්‍රදේශයට සුවිශාල වු සේවාවක් සපයනු ලබන මෙම ස්ථානය ඉතා වැදගත් වේ.
මියගිය පුද්ගලයකු ආදාහනය කිරිමේදි ආදාහනාගාරය වෙන් කරවා ගැනීම
ආදහනාගාර කටයුතු සිදු කරනු ලබන වේලාවන්
පස්වරු 3.00
පස්වරු 5.00
ආදාහනාගාර කටයුතු සඳහා අයකරනු ලබන ගාස්තු
බල ප්‍රදේශය තුළ - රු.12,000.00
බල ප්‍රදේශය පිටත - රු.13,000.00
ආදාහනාගාරයේ මෘත ශරිරය ආදාහනය කිරිම සඳහා අයදුම්පත්‍රය