1940 වර්ෂයේ සිට පළාත් පාලන දෙපාර්තමේන්තුව ඇසුරේ පළාත් පාලන කොමසාරිස්වරයෙකුට වගකියනු ලබන ගම්සභා ආයතන, විවිධ ආඥා පනත් අනුව ගම්සභා මැතිවරණයකින් පත්වන ගම්සභාපති වරයෙකුගේ පාලන අධිකාරියකින් මෙහෙයවිනි.
1952 අංක 6 දරණ ප්රදේශාධිකාරී සභා පනත යටතේ මුංවත්ත පළාත ගම් සභාව ලෙසින් ද පසුව මුංවත්ත භාගේපත්තු ගම් සභාව ලෙසින් ද පැවත ඇත .1962 වර්ෂයේදී මුංවත්ත භාගේ පත්තු ගම් සභාව මුංවත්ත නැගෙනහිර සහ බටහිර වශයෙන් කොටස් දෙකකට බෙදිනි.
ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයකම බල ප්‍රදේශය ඡන්ද කොට්ඨාශයකට ඇතුලත් වන සේ පළාත් පාලන ආයතනයේ සීමාව නියම විය. පාලනය පාලන නිළධාරියෙකු යටතට පත් විය. ඒ අනුව බුලත් සිංහල මැතිවරණ කොට්ඨාශය මුංවත්ත භාග පත්තු ගම් සභාවෙහි නැගෙනහිර කොටස බෙදා වෙන්කර ඇති අතර මුංවත්ත භාග පත්තු ගම් සභාවෙහි බටහිර කොටස බණ්ඩාරගම මැතිවරණ කොට්ඨාශයට එකතු කර ඇත.මුංවත්ත නැගෙනහිර බල ප්‍රෙද්ශය බුලත්සිංහල පළාත් පාලන ආයතනයේ උප කාර්යාලයක් ලෙසින් වෙනම පාලන නිලධාරීන් යොදවා පාලනය කරන ලදී.
1981 දී ඇති වූ දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය යටතේ එවකට පැවති පලාත් පාලන ආයතන දිස්ත්‍රික් සංවර්ධන සභාවෙහි උප කාර්යාල බවට පත් විය.දිසා ලෙකම්ට වග කියන නියෝජ්යෙ ලේකම් වරයෙකුගේ පාලනයට යටත්ව උප කාර්යාලයක් ලෙසින් මෙම ආයතනය පැවතින.
ඉන්පසු 1987 වර්ෂයේ දී 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත අනුව බිහි වූ ප්‍රාදේශීය සභා ක්‍රමය යටතේ උප දිසාපති කොට්ඨාශ සීමාවන්ට ගැලපෙන ඒ බල ප්‍රදේශයේ බල පැවැත්විණි ඒ අනුව කළුතර දිස්ත්‍රික් සංවර්ධන සභාවෙහි උප කාර්යාල තුනකට අයත්ව තිබූ පැරණි ගම් සභා ප්‍රදේශ තුනක් ඒකාබද්ධ කර බුලත්සංහල ප්‍රාදේශීය සභාව 1988 වර්ෂයේදී ප්‍රතිෂ්ඨාපනය කරන ලදී.
ප්‍රාදේශීය සභාවේ මුල් යුගය විශේෂ කොමසාරිස් වරයෙකුගේ පාලනයට යටත්ව පැවති අතර ඉන් පසුව පැවති මැතිවරණයකින් තේරී පත්වූ සභාපතිවරයෙකුගේ සහ මන්ත්‍රි මණ්ඩලයක් (18) යටතේ පාලනය පැවතියේ ය. ඉන්පසු 2006 වර්ෂය තෙක් බුලත් සිංහල ප්‍රාදේශීය සභාවේ උප කාර්යාල ලෙස මදුරාවල හා වරකාගොඩ ලෙස මෙම ආයතනය කාර්ය භාර නිලධාරියෙකු මගින් පාලනය සිදුවිය.
2005.12.27 දිනැති රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය (අංක 1425/9) ප්‍රකාරව 2006. 04.15 දින සිට ක්‍රියාත්මක වන පරිදි මදුරාවල ප්‍රාදේශීය සභාව සංස්ථාපනය විය. මහජන නියෝජිත සංඛය්‍යාව අට (08) දෙනෙකි.
ඒ අනුව පැවති මැතිවරණයකින් ප්‍රථම ගරු සභාපති වරයා ලෙස එම්. ඩී. පුෂ්පජිත් ශීලවික්රම මහතා තේරී පත්විය.