බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රිකයේ ,මදුරාවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ,බුලත්සිංහල මැතිවරණ කොට්ඨාශයේ, මදුරාවල ප්‍රාදේශිය සභාව වර්ග කි.මි.62.74 ක වර්ග ප්‍රමාණයකින් සමන්විතය.2020 වර්ෂයේ ජන සංඛ්‍යාව 38688 වන අතර,මෙම බල ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම් 33 කින් යුක්තය. පෞරාණික ඉතිහාසයකට උරුමකම් හිමිකර ගෙන ඇති,ඵෙතිහාසික ගල්ලේන රජමහා විහාරය පුද බිම,ගණේඋඩ විහාරය,රෙමුණ කුමරුන් පැන්නගල ,ආඳාදොළ,බැලුම්ගල,වස්තුගල,කොඩිගල,හා තවත් ඵෙතිහාසික ස්ථාන කිහිපයකට උරුමකම් කියන මෙම බල ප්‍රදේශය සුවිශේෂි වේ.
එවන් වු බල ප්‍රදේශයක පිහිටා ඇති මදුරාවල ප්‍රාදේශිය සභාව ආදායම් වියදම් සමබරතාවයක පවත්වා ගනිමින් ප්‍රදේශවාසී ජනතාවගේ උපතේ සිට මරණය දක්වා අවශ්‍යතාවන් ඉටුවන පරිදි නිරතුරු ජනතාවට සතුටුදායක මෙහෙවරක් ඉටුකරනු ලබන ආයතනයක් බවට බල ප්‍රදේශයෙහි සුවිශේෂි නාමයක් හිමිකරගෙන ඇත.
.ඒ් අතර බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් සිදුකරනු ලබන වරකාගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති වරකාගොඩ පෙර පාසලට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.
බල ප්‍රදේශයේ දුදරුවන්ගේ පුර්ව ළමාවිය සංවර්ධනය කිරිමේලා අපමණ වු සුවිශාල සේවයක් සපයන මධ්‍යස්ථානයක් බව සඳහන් කළ හැක.කාරුණික බවින්,අත්දැකිම් බහුල,දක්ෂ ගුරු දෙපළකගේ නිබඳ සේවනේ අකුරු කරන දුදරුවන් 45 ක් 2024 වර්ෂයේ අධ්‍යාපනය ලබයි.