බස්නාහිර පළාතේ ,කළුතර දිස්ත්‍රික්කයේ ,බුලත්සිංහල මැතිවර්ණ කොට්ඨාශයේ මදුරාවල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ මදුරාවල ප්‍රාදේශීය සභාව වර්ග ක්රිලෝමිටර් 62.74 ක ප්‍රමාණයකින් සමන්විත 2020 වර්ෂයේ ජන සංඛ්‍යාලේඛණ අනුව ජනගහනය 38688 ක් වන අතර,බල ප්‍රදේශය තුළ ග්‍රාම නිලධාරි වසම් 33 යුක්තය.
බුලත්සිංහල ප්‍රාදේශීය සභවේ උප කාර්යාලයක්ව පැවති මෙය,2005 .12.05 දිනැති අංක 145/9 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව සීමා මායිම් ඇතිව මදුරාවල ප්‍රාදේශීය සභාව 2006.04.15 දින මදුරාවල ප්‍රාදේශීය සභාව වශයෙන් සංස්ථාපනය විය.
භූ විෂමතා ලක්ෂණ සැලකිමේදි මදුරාවල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය උතුරු දකුණු දිශාගතව විවිචින්නව ගලා බසින කළුගඟ ප්‍රධාන භූවිෂමතා ලක්ෂණයයි.මනරම් දේශගුණික තත්වයකට හිමිකමි කියන,තෙත් සදාහරිත දේශගුණයකි.මෙම බල ප්‍රදේශය ආර්ථික වශයෙන් ඉතා වැදගත් වේ. කෘෂි ආර්ථිකයක රටාවකට හිමිකමි කියන අතර,තේ,පොල්,රබර් වගාවත්,යැපුම් මට්ටමින් වී ගොවිතැනට අමතරව ගෙවතු වගාවත් සිදු කරනු ලැබේ.
පෞරාණික ඉතිහාසයකට හිමිකම් ඇති,ඵෙතිහාසික වශයෙන් සුවිශේෂි ස්ථානයක් මෙම බල ප්‍රදේශයට හිමි වේ.ඒ් අනුව පොළොන්නරු යුගය දක්වා දිවෙන ඉතිහාසයකට හිමිකමි කියන ඵෙතිහාසික ගල්ලේන රජමහා විහාරය පුද බිම,ගණේඋඩ විහාරය,රෙමුණ කුමරුන් පැන්නගල ,ආඳාදොළ,බැලුම්ගල,වස්තුගල,කොඩිගල,හා තවත් ඵෙතිහාසික ස්ථාන කිහිපයකට උරුමකම් කියන මෙම බල ප්‍රදේශය සුවිශේෂි වේ.
සමාජීය සුභ සාධනය හා සමාජ සංවර්ධනය සලකා බැලිමේදි පාසල්,ග්‍රාමිය රෝහල්,සමාජීය සංවිධාන,ග්‍රාමීය බැංකු,පොදු සේවා ස්ථාන මෙන්ම පරිගණක මධ්‍යස්ථාන ආදියෙන් සමන්විත කලාපයක් ලෙස මෙම ප්‍රදේශය හැදින්විය හැක.මදුරාවල ප්‍රදේශිය සභා බල ප්‍රදේශයේ උතුරු සීමාව හොරණ විශේෂ නාගරික සංවර්ධන කලාපයට ඇතුලත් වෙමින්සංවර්ධනය වෙමින් පවතී.
තවද හොරණ නාගරික කලාපයේ ජන තදබදයට විසදුමක් ලෙස තදාසන්න ප්‍රදේශයක් වශයෙන් මෙම ප්‍රදේශයට නිවාස යෝජනා ක්‍රම හා වෙනත් සමාජික ආර්ථික ක්‍රියාදාමයන් සම්ප්‍රේෂණය විමක් දක්නට ලැබේ.