අතීතයේදී කෘෂිකාර්මික වශයෙන් වඩාත් සශ්‍රීක වූ ප්‍රදේශයක් ලෙස මෙම ප්‍රදේශය ප්‍රකට වීමට හේතුවක් වූයේ මෙම රෙමුණ වැව තුලින් ලැබෙන ජලසම්පත යැයි ප්‍රධාන වශයෙන් පෙන්වා දිය හැකි වේ. අක්කර 60 ක පමණ වපසරියක පිහිටා ඇති මෙම වැව රයිගම් බණ්ඩාර රජුගේ නිර්මාණයක් ලෙස පැරණි ගැමියන් අතර මතයක් පවතී.රජරට ප්‍රදේශ වල මෙන් පැරණි වැවක දැකිය යුතු සියළුම අංග මෙම රෙමුණ වැව තුලින් දැකගත හැකිය.ගොඩ සොරව්වකින් හා මඩ සොරව්වකින් යුත් මේ මගින්යාල වේරවත්ත මුල්කොටසට පවා මෙම වැව තුලින් ජලය සැපයෙන්නේ සශ්‍රීක ආර්ථිකයක් ගොඩනගන්නට වෙර දරන ගොවියන්ගේ ගොවිතැන් කටයුතු සඳහාය. “රේ මසුන්”නම් වූ රන්වන් මසුන්ගෙන් ගහන අමුණක් මෙම රෙමුණ වැවට සම්බන්ධ වී ඇත.ගොවිතැන් කටයුතු සඳහා මෙන්ම විශේෂිත වූ කරුණු රැසක් ඇති මෙම වැව ඵෙතිහාසික වශයෙන් වැඳගත් වූ ස්ථානයකි.
සොබා සෞන්දර්යෙන් අනූන රෙමුණ ගම්මානය තුල පිහිටා ඇති මෙම වැව නැරඹීමට, දිය නෑමට,මල් කැඩීමට,වර්තමානය වන විට දිවයිනේ විවධ ප්‍රදේශවල ජනතාව පැමිනෙමින් සිටී.ඕලු,නෙලුම් මල් මෙන්ම හුංගා,මඩකරියා,අංකුට්ටා ආදී මත්ස්‍ය විශේෂයන් ද මෙම වැව තුල බහුලව දකින්නට ලැබේ.වැව තුලින් ගම්මානයට එක්කරනුයේ මහත් වු ආලෝකයක් බව ගම්වාසීන්ගේ අදහසයි.සුන්දර වූත් සශ්‍රීක වූත් වෙල් යායවල් වලින් පිරිපුන් මෙම වැව පිහිටි රෙමුණ භූමි භාගය අපමණ වු පාරිසරික ආකර්ෂණයකින් දිස් වේ.
ඵෙතිහාසික වශයෙන් මෙන්ම පාරිසරික වශයෙන් ද වැදගත් කරුණු සම්භාරයකින් අනූන මෙම රෙමුණ වැව සුවිශේෂී ස්ථානයක් බව තවදුරටත් පැහැදිලි වේ.